https://andro.io/app/sugathiyata-maga
Sugathiyata Maga | සුගතියට මඟ for  Android – Latest Version & Features app icon
Android app profile

Sugathiyata Maga | සුගතියට මඟ for Android – Latest Version & Features

by

4.0 (0 ratings)
Power 100

Price

free

Version

Updated

Size

Bytes

Rate this app

How do you feel about Sugathiyata Maga | සුගතියට මඟ?

Thanks for your feedback!

> 2.2k

Monthly Downloads

~$900

Estimated Cost

Screenshots

About Sugathiyata Maga | සුගතියට මඟ

නමෝ බුද්ධාය !සුගතියට මඟ යෙදුම දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල ධර්මය පිපාසාවෙන් සිටින, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්‍යකින් සිටින කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.
මෙම යෙදුමේ විශේෂතාපින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.
- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ.- අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන්සේ.තවත් විශේෂාංග, - පිං පොත, පාලි සිංහල ශබ්දකෝෂය.
- රුවන් වැකි.
- පින්බර දසුන්.
- දුර්ලභ ලිපි එකතුවක්.
- පිරිත් සූත්‍රයන් - පාලි හා සිංහල තේරුම.
- සදහම් ලේඛන: * මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි.
* ධම්මපද කතා.
* පන්සිය පනස් ජාතක කතා.
* සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය (tipitaka.lk) * බෞද්ධ පොත් (pitaka.lk) * අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.
* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.
- සිරස FM පන්සිල් මළුව, විදර්ශනා රාත්‍රිය, ධර්ම යාත්‍රා මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (Maha Rahathun Wadi Maga Osse).
ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම සුගතියට මඟ යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා !
ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !
ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !
ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !
සතුටු වෙත්වා !
අනුමෝදම් වෙත්වා !
දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා !
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා !
උත්තම පාරමී ධර්මයක්ම වේවා !!!

Share

Share Sugathiyata Maga | සුගතියට මඟ

Help others discover this Android app.

Sugathiyata Maga | සුගතියට මඟ

Sugathiyata Maga | සුගතියට මඟ

Free

Get